ශ්‍රමදාන වැඩසටහන 2021

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන මෙන්ම ඊට සමගාමීව සංවිධානය කළ හරිත පාරිසරික ව්‍යාපෘතිය යන වැඩසටහන ද අති සාර්ථක අන්දමින් පසුගිය සෙනසුරාදා දින විශ්වවිද්‍යාලයීය පන්සල් භූමියේ දී සිදු කෙරුණි. බෝධිඝරයේ තීන්ත ආලේප කිරීම, පන්සල් පරිශ්‍රය එළි පෙහෙළි කිරීම, පැළ සිටුවීම ආදී කර්තව්‍යයන් රැසක් මෙහිදී සිදු කෙරුණි. මේ සඳහා දායක වූ ඔබ සැමට බෞද්ධ සහෝදර සංගමය වෙනුවෙන් හෘද්‍යාංගම ප්‍රණාමය පුද කර සිටින්නෙමු.